සාමයෙන්-සංහිඳියාවෙන් දරුවන්ට සුරක්ෂිත සමාජයක්

ඔක් 01, 2019

    දරුවන්ට සුරක්ෂිත, යහපත් සමාජයක් ගොඩනැංවීමට නම් සාමය, සංහිඳියාව සහ තිරසර දියුණුව සාක්ෂාත් වන ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 ලෝක ළමා හා වැඩිහිට දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටී.

    ලෝක ළමා දිනයත්, වැඩිහිටි දිනයත් එකම දිනකට යෙදී තිබීම විශේෂත්වයකි. ජීවිත ගමනේ ඇරඹුම සනිටුහන් වන ළමා විය සේම, සමාජය වෙනුවෙන් උපරිම කැපවීමෙන් ස්වකීය දායකත්වය ලබා දී විශ්‍රාම සුවයෙන් පසුවන වැඩිහිටි විය ද එක සේ අපගේ අවධානයට ලක් විය යුතු ජීවන අවධීන් දෙකකි. මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ “සුමිතුරු දැයකින් - දිනවමු දරුවන්” යන්නයි. දරුවන්ට සුරක්ෂිත, යහපත් සමාජයක් ගොඩනැංවීමට නම් සාමය, සංහිඳියාව සහ තිරසර දියුණුව සාක්ෂාත් වන ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීම ඉතා වැදගත් බව අවධාරණය කරන මෙම තේමාව වඩාත් ප්‍රායෝගික තලයට ගෙන එන්නේ කෙසේදැයි අප වගකීමෙන් සිතා බැලිය යුතුය.

    එසේම වියපත් වැඩිහිටි සමාජය වෙනුවෙන් ආදරය, ආරක්ෂාව, ඇගයීම ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත අත්දැකීම්, දැනුම සහ කුසලතාවන් තවදුරටත් සමාජ ප්‍රගමනය වෙනුවෙන් දායක කරගැනීම ද ඉතා වැදගත් ය. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද ජීවන අපේක්ෂා ඉටුවීමට නම් පවුලේ බැඳීම් ශක්තිමත් වන, ස්ථාවර ආර්ථික සමාජ පසුබිමක් ගොඩ නැංවීම අප හමුවේ ඇති අභියෝගයයි.

    එම අභියෝග ජයගන්න රජය, ජනමාධ්‍ය , ආගමික සහ සමාජ සංස්ථා, ප්‍රජාව යනාදී සෑම පාර්ශ්වයක් ම එක්සත්ව, වගකීමෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 07:37

    Latest News