මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්...

සැප් 30, 2022

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර ‍තිබෙනවා.

    ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වමින් නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලමින්. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලකට අදාළවයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය කර තිබෙන්නේ.

    කොළඹ-කොටුව මහේස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා‍. සිරිල් ගාමිණි පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙක් වූ පුද්ගලයෙකු එම පැමිණිල්ල ගොනු කර තිබුණා. ඒ අනුව, එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි,

    කොටුව-මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන රීට් පෙත්සමින් සඳහන් කරන්නේ. සාවද්‍ය සාක්ෂි සහ නීති විරෝධි කරුණු පදනම් කර ගනිමින් අදාළ පෞද්ගලික පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

    Latest News