සිංගප්පූරුවේ පළමුව කොරෝනා මරණය වාර්තා වෙයි

මාර් 21, 2020

    සිංගප්පූරුවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ පළමු මරණය අද වාර්තා විය.

    ඒ වයස අවුරුදු 75ක් වූ කාන්තාවක් හා  64 හැවිරිදි පුද්ගලයෙක් . සිංගප්පූරු ජාතික කාන්තාවක් හා ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුවට පසුගිය 13 වැනි දින පැමිණි ඉන්දුනීසියානු ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට එරට 385 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. සුව අතට හැරුණු රෝගීන් සංඛ්‍යාව 131ක්. අසාද්‍ය තත්වයේ පසුවන රෝගීන් ගණන 14ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මේ වන විට එරට සියලු සාප්පු සංකීර්ණ වසා දමා තිබේ. අප්‍රේල් 12 වැනි දින තෙක් සාප්පු සංකීර්ණ වසා තැබෙන බවයි, එරට රජය නිවේදනය කරන්නේ. එරට ජනතාවට අන්තර්ජාලය ඔස්සේ ඇණවුම්කර අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමේ හැකියාවක් පවතියි.

    Latest News