නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙයි

සැප් 27, 2022

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී ඇති බව වාර්තාවේ.

    ඒ බව බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ට්විටර් ගිණුමේ ඔහු සටහන් කර තිබේ.

    මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම ද සඳහන් කරයි.

    නමුත් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි මිල දී ගැනීමට විදුලි බල මණ්ඩලයට අනුමැතිය හිමිව තිබේ.

    මේ වනවිට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයද නඩත්තු කටයුතු සඳහා අක්‍රීය තත්ත්වයේ තිබෙනවා.

    ගාරයේ දෙවන ජනන යන්ත්‍රයද නඩත්තු කටයුතු සඳහා අක්‍රීය තත්ත්වයේ තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 27 සැප්තැම්බර් 2022 12:01

    Latest News