අලි සබ්‍රි මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

සැප් 25, 2022

    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අලි සබ්‍රි මහතා, ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා. 

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවයි,  ඔහු ප්‍රකාශ කළේ.  කොවිඩ් වසංගතයෙන් වසර 02කට පසුව පැවති මෙම සැසිවාරයේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ "සභා කොරෝසි" මහතාට විදේශ අමාත්‍යවරයා සුභ පැතුම් එක්කළා.

    ඉදිරියේදීත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය සමීපව ක්‍රියාකරන බව මෙහිදී සඳහන් කෙරුණා.

    එසේම රටතුළ පැවති සමාජ නොසන්සුන්තා හා විරෝධතාවලින් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් මාසයේ පාර්ලිමේන්තුවේදී සිය මංගල කථාවේදී ප්‍රකාශ කර සිටියේ ජනතාව ඉල්ලා සිටින සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නිරන්තරයෙන් පියවරගන්නා බවයි.                                 

    ඒ සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සමාලෝචනය, ප්‍රජාන්ත්‍රවාදී පාලනයේ ආයතනික රාමුව ශක්තිමත් කිරීම හා දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වනවා. 

    මෙය ඉටුකළ හැකි වන්නේ,  මූල්‍ය විනය සහ ආර්ථික හා ආයතනික ප්‍රතිසංස්කරණ දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවයි,  ඔහු ප්‍රකාශ කළේ.  ඒ සඳහා තමා ඇතුළු තම රජය නිරන්තරයෙන් කැපවන බවයි අලි සබ්‍රි මහතා සඳහන් කළේ.  

    Last modified on ඉරිදා, 25 සැප්තැම්බර් 2022 11:23

    Latest News