උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිිෂ්‍යත්ව...

සැප් 25, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගෙයන් සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය  ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.  

    එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් පන් දහස බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනැමීමට නියමිතයි.  ඒ අනුව, දිවයිනේ කලාප කාර්යාල 99ක් අතුරින් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 30 දෙනෙකු බැගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,970කට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර තිබෙනවා. මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ ලැබීමෙන් පසු  අ.පො.ස. උසස් පෙළ අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමට නියමිතයි.  මෙම ක්‍රියාවලිය සම්බන්ධ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කළාප අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් කඩිනමින් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ  ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

    Last modified on ඉරිදා, 25 සැප්තැම්බර් 2022 19:31

    Latest News