කොන්සියුලර් අංශයේ බිඳවැටී තිබූ සේවා යළි ඇරඹේ

සැප් 20, 2022

    කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව, අද (20) සිට එම සේවාවන් නැවත ආරම්භ වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙන්නේ.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීමක් සිදුවීම හේතුවෙන් පසුගියදා අදාළ සේවාවන් සැපයීම තාවකාලිකව නවතා දැමිණ.

    Latest News