විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙමඟින් කොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන කිරීමේ අංශය හරහා වඩාත් ඵලදායී ලෙස සේවා ලබාගැනීමට මහජනතාවට අවස්ථාව සැලසේ.

කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පරිඝණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබේ.

කොන්සියුලර් සේවා සඳහා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා අංශය සුපුරුදු පරිදි විවෘත කරන බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ අද (13) පෙ.ව 7.30 සිට ප.ව 4.30 දක්වා සීමිත සේවා කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අද සිට (22) සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් 150කට පමණක් විදේශ ‍අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සිය සේවා සපයන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මහජනතාවට කඩිනම් සේවා ලබා දීම සඳහා පහසුකම් සැපයීම පිණිස විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවාවල දැනට පවතින ඩිජිටල්කරණ මට්ටම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ අවධාරණය යොමුව තිබේ.

Latest News