කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීම අත්හිටුවයි

සැප් 16, 2022

    පරිඝණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබේ.

    ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇත.

    කෙසේ වෙතත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

    Latest News