රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට වැඩබලන අමාත්‍ය ධූරයන්වල වගකිම් පැවරේ

සැප් 18, 2022

    ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පවරා තිබේ.

    ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් හා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම පත්කර තිබේ.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

    49bf53028389c9cd670a80955a375746

    Latest News