ජනපති යටතේ පවතින අමාත්‍යාංශවලට වැඩබලන අමාත්‍යවරුන් පත්කරයි

සැප් 26, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින එම කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශයන්හි රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

    ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත්කර තිබේ. 

    එසේම වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

    Latest News