ජාතික සභා යෝජනාව 20 වැනි දිනට අදාළව න්‍යාය පුස්තකයට

සැප් 14, 2022

    පාර්ලිමේන්තුවේ ස්ථාපනයට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව, ලබන 20 වැනි දිනට අදාළව න්‍යාය  පුස්තකයට ඇතුළත් කර තිබේ.

    මෙම කාරක  සභාව  පා‍ර්ලිමේන්තුව නියෝජනය  කරන මන්ත්‍රිවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුයි.

    මෙම කාරක සභාවේ සභාපතිත්වය  කථානායකවරයාට හිමි වනවා. අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්‍ෂ නායකවරයා  සහ ආණ්ඩුවේ  ප්‍රධාන සංවිධායකවරයා ද මෙහි සෙසු සාමාජිකයන් පිරිසට ඇතුළත්. දේශපාලන පක්‍ෂවල නායකයන් විසින් තීරණය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවක් මේ සඳහා පත් කෙරෙනු ඇති.

    කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීම හා ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීම ජාතික සභාවට පැවරෙන ප්‍රධාන වගකීමක්.

    පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කාරක සභාවලින් වාර්තා කැඳවීමට ද නව ජාතික සභාවට හැකියාව ලැබෙනු ඇති.   

    Latest News