පාසල් දරුවන් ලක්ෂ 18කට පෝෂදායී ආහාර වේලක්

සැප් 14, 2022

    පාසල් දරුවන් ලක්ෂ 18 කට පෝෂදායී ආහාර වේලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යට‍තේ එය ක්‍රියාත්මකයි.

    රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම මෙන්ම, ආහාර හිඟවීම ද පාසල් දරුවන්ගේ පෝෂණයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

    මෙම කාරණය සැලකිල්ලට ගෙන, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අමෙරිකානු ඩොලර් මිලියන 27 ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇති අතර, ඒ පාසල් ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩපිළිවෙළක් සඳහායි.

    ඒ අනුව, කෘෂිකර්ම, අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශ සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව පෝෂපදාර්ථ අන්තර් ගත දිවා ආහාර වේලක් ලබාදීමට සැලසුම් කර තිබේ.       

    Latest News