IMF ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් අනුමත කරයි

සැප් 01, 2022

    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර, මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණ ති‍බෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ඉදිරියේ දී ලබා දෙන බවයි.

    එම පහසුකම මාස 48 ක් සඳහා ක්‍රියාවට නැංවෙනු ඇති. මේ ඔස්සේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර භාවය ප්‍රතිස්ථාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්‍ෂා කිරීම, අවදානමට ලක් වූ පිරිස් ආරක්ෂා කිරීම, ආර්ථික අවදානම් තත්වයන්ගෙන් මිදීම සහ ශ්‍රී ලංකා ආර්ථි‍කයේ වර්ධන විභවය යළි විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවස්ථාව සැලසෙනවා.

    මෙරට ණය තිරසර බව සහතික කිරීමට සහ මූල්‍ය පරතරය පියවීමට, ණය හිමියන්ගෙන් ණය සහන සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ සහය අවශ්‍ය වනවා.

    Latest News