IMF ණය- සහය වූ හවුල්කරුවන්ට ජනපතිගේ ස්තූතිය

මාර් 21, 2023

    ශ්‍රී ලංකාවට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ පහසුකම් ලබා ගැනීම සඳහා සහය දුන් අන්තර් ජාතික සහ සෙසු හවුල්කරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කරනවා.

    මෙය, ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවය වැඩි දියුණු කිරීමට උපකාර වන පියවරක් බවයි, විශේෂ නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයා කියා සිටින්නේ.

    මූල්‍ය ආයතන සහ ණය හිමියන් අතර සිදු කරන ලද සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියා කිරීමට පියවර ගත් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ සඳහන් කරනවා. විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ ඉලක්ක ගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර ණය මට්ටමක් සකසා ගැනීමටත්, කැපවී සිටින බවයි, ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

    එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අයි එම් එෆ් වැඩසටහන ඉතා වැදගත් වන අතර, එය, ආයෝජකයන් හා සංචාරකයන් සඳහා හිතකර රටක් ලෙස ශ්‍රී ලංකාව වැඩිදියුණු කිරීමට ද වැදගත් වන බව, ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කරනවා.                                                                     

    අද උදේ ට්විටර් පණිවුඩයක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ, තමා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය හා ණය තිරසරභාවය තහවුරු කිරීම උදෙසා අසීරු තීරණ ගත් බවයි. ඒ අතරම, දිළිඳු ජනතාව සුරැකීමේ සමාජ ආරක්ෂණ ජාලයන් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් පණිවුඩ‍යේ සඳහන් කරනවා.

    Latest News