IMF නියෝජිත කණ්ඩායම අද දිවයිනට

ජූනි 20, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ඉල්ලා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන් මෙලෙස දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

    ඔවුන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News