අයහපත් කාලගුණය නිසා නාවික හමුදා කණ්ඩායම් 35ක් සීරුවෙන්

සැප් 01, 2022

    දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් සූදානමින් තබා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

    ඒ අනුව කළුතර, රත්නපුර හා කොළඹ යන ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 26 ක් සූදානම් කර තිබේ.

    ගාල්ල, තංගල්ල හා හම්බන්තොට ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 09 ක් ද සුදානමින් තබා ඇත.

    එම සහන කණ්ඩායම් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කර ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා මෙලෙස සූදානමින් තබා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය. 

    Latest News