ජාතික පාසල්, අතරමැදි ශ්‍රේණි සිසුන් ඇතුළත් කරගැනීමේ ඉල්ලුම්පත්‍ර භාරගැනීම ලබන 02න් අවසන්...

අගෝ 31, 2022

    ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ඉල්ලුම්පත්‍ර ලබන දෙවැනිදායින් පසු බාර නොගන්නා බව, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.  

    දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා සහ අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු, පාසල්වල පුරප්පාඩු හා අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාල තීරණ ලබාදෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.  2022 වසරේ පළමු පාසල් වාරය ලබන මස 07 වැනි දායින් අවසන් වීමට නියමිතයි.

    Latest News