තවත් පාසල් 10ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

මාර් 08, 2022

    අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

    ඒ අනුව මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ යන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් Zoom ඔස්සේ මෙම කටයුත්ත සිදු කිරීමට නියමිත බවයි, අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

    785a773d38dbabcd318f531b4b407413

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 11:21

    Latest News