රුපියල් මිලියන 150  ක අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට...

අගෝ 31, 2022

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ‍යුද හමුදාව සමත් වුණා.

    මන්නාරම, යුද හමුදා මාර්ග බාධකය හරහා තලෙයිමන්නාරමේ සිට වන්කලෛයි දක්වා කැබ් රථයකින් මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණා. වයස අවුරුදු 32 සහ 36 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු 54 වැනි පාබල සේනාංකයේ යුද හමුදා බුද්ධි සාමාජිකයන් සහ 11 වැනි කාලතුවක්කු හමුදා සෙබළුන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කැබ් රථය සහ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. මෙම මත්ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 150  ක් වන බවයි, පැවසෙන්නේ.

    Latest News