ජාතික පාසල් 1000ක් - සමාරම්භක උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (සජීවී විකාශය)

ජන 07, 2022
  • දිවයින පුරා ජාතික පාසල් 1000ක් පිහිටුවීමේ නිදහස් දහසක් සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. ඒ මොණරාගල - සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේදී.

    අද සියඹලාණ්ඩුව මහ විද්‍යාල පරිශ්‍රයට ගිය ජනාධිපතිතුමා සමරු ඵලකය විවෘත කර එම විද්‍යාලය නිල වශයෙන් ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කළේය. පාසල් අතර පවතින විෂමතාව අවම කරවමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැරයුම් ලක්ෂයක් සනිටුහන් කිරීම වැඩසටහනේ අරමුණයි.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනූව ජාතික පාසල් 1000ක් දක්වා ඉහළ නැංවීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සීතා අරඹේපොළ, තෙනුක විතානගමගේ, විජිත බේරුගොඩ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News