රු.මිලියන 39ක රන් බිස්කට් සමග ගුවන්තොටුපොළ සේවකයාට මාංචු

ඔක් 22, 2019

    රුපියල් මිලියන 39ක් වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ශ්‍රී ලංකා රේගුව විසින්. මෙම තොගයට රන් බිස්කට් 40ක් හා කිලෝවක් පමණ බරැති ස්වර්ණාභරණ ඇතුළත්. කටුනායක ගුවන්තොටුපොල පරිශ්‍රයේ නිදහස් තීරුබදු වෙළෙඳ සංකීර්ණයේ සේවකයෙකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ පාදාශ්‍රිත ප්‍රදේශයේ මෙම භාණ්ඩ තොගය ඔතා තිබු බවත්, මේ සම්බන්ධයෙන් ඉදිර විමර්ශන ක්‍රියාත්මක බවත්, ශ්‍රී ලංකා රේගුව පවසයි.

    IMG 20191022 WA0007

    IMG 20191022 WA0009

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 12:43

    Latest News