කෝටියකට අධික රන්බිස්කට් සමග සැකකරු රේගු අත්අඩංගුවට

පෙබ 17, 2020

    නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ රත්තරන් බිස්කට් තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනිණ.

    එහි වටිනාකම රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක්(1,28,74,848)ක්. 36 හැවිරිදි සැකකරු කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
    ඔහු අද උදෑසන 7.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    ඔහු විසින් පැළඳ ගෙන පැමිණි පාවහන් තුළ, මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බර රත්තරන් බිස්කට් 12 ක් සඟවා ගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති රේගු පරිශ්‍රය ඔස්සේ ඇවිද යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි, රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ.

    නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.අරුක්ගොඩ මහතා විසින් මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා රත්තරන් බිස්කට් තොගය රාජසන්තක කර ගුවන් මගියාට රුපියල් 13 ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 12:32

    Latest News