අරගලකරුවන් දෙදෙනෙකුට ඇප

අගෝ 26, 2022

    අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.


    අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තිබිණ.

    සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර ඇත.

    නඩුව යළි ලබන ඔක්තෝම්බර් මස 12වැනිදා කැදවීමට නියෝග කෙරුණා.

    Last modified on සිකුරාදා, 26 අගෝස්තු 2022 10:21

    Latest News