සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

අගෝ 23, 2022

    සතොස මගින් ලබාගත හැකි වෙළෙද භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇතැයි, එම ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

    අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    ඒ අනූව ආනයනික පොන්නි සම්බා කිලෝවක් රුපියල් 21කින් මිල අඩුවී ඇති අතර නව මිල රුපියල් 194ක්. පරිප්පු කිලෝවක් රුපියල් 25කින් මිල අඩු වී ඇති අතර නව මිල රුපියල් 460ක්.

    දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2කින් මිල අඩුවී ඇති අතර නව මිල රුපියල් 310ක්. ආනයනික නාඩු හාල් කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර ඇති අතර නව මිල රුපියල් 198ක්. හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 25කින් මිල අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,375ක් ලෙස දැක්වෙයි.

    Latest News