බිත්තර සඳහා උපරිම මිලක්

අගෝ 20, 2022

    බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල විසින්.

    ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 43 ක්. දුඹුරු හෙවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45ක් ලෙසයි එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ. මෙම මිල ගණන් ඊයේ දිනයේ සිට බලපැවැත්වෙයි.

    ඒ අනුව, නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, සැපයුම්කරුවකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් නියම කර ඇති සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළදාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරන්නේ.

    මේ වනවිට බිත්තරයක් වෙළඳ පොලේ අලෙවි වන්නේ රුපියල් 60ත් 65ත් අතර මුදලකටයි.

    b580067c4893f0bc447cffbb50d1e155

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 09:39

    Latest News