බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

ජූලි 30, 2024
    එළඹෙන උත්සව මය සැලකිල්ලට ගනිමින් වෙළෙඳපොළේ ස්ථාවර මිලක් පවත්වා ගැනීම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

    ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනානදු විසින් සිදුකළ කැබිනට් යෝජනාවකට අනුවයි.

    අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2024-03-18 දින සිට ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇත.
    ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37/-ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් විය.
     

    Latest News