අනූ නවයෙන් දිවි බේරුන කැබැල්ලෑවා (ඡායාරූප)

මාර් 14, 2019

    බදුල්ල,කහටරුප්ප,ඌරුමීතැන්න ගම්මානයේ පවත්වා ගෙන ගිය දඩයම්පොළක් වටාල කබැල්ලෑවෙකු සමග සතුන් මැරීමට උපයෝගී කර ගන්නා උපකරණ රැසක් සොයා ගෙන තිබේ.

    වැටලීම කරනු ලැබුවේ, බදුල්ල පොලීසිය විසින්. දුර්ලභ වඳවී යන සත්ව විශේෂයක් වූ මෙම කබැල්ලෑවා මරා මස් කිරීමට සූදානම් කර තිබූ බව, පොලීසිය පවසයි. දඩමස් කිලෝ 10කට අධික ප්‍රමාණයක්, හක්කපටස් 25ක් සරුවට වැඩී තිබූ ගංජා පැල 14ක් ද එහි තිබී පොලිස් බාරයට ගැනිණ. වන සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා තුවක්කු බට ද මෙම ස්ථානයේ තිබූ අතර, වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරු පලාගොස් ඇත. සැකකරු, හඳුනාගෙන ඇති අතර බේරාගත් කබැල්ලෑවා වනජීවී නිලධාරීන්ට බාර දීමට කටයුතු යෙදා තිබේ.

    kabella1

    kabellawa3

    kabellawa5

    kabellawa2

    kabellawa7

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 11:49

    Latest News