දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විවෘතවේ

මාර් 14, 2019

    දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද(14) විවෘත කරනු ලැබිණි. කොළඹ මහාධිකරණ අංක 1 ශාලාවේ මෙම මහාධිකරණය පිහිටුවා තිබේ.

    මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා මෙම දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන සෙසු මහාධිකරණ විනිසුරුවරු මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

    බරපතල මූල්‍ය සහ ආර්ථික වැරදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා අධිකරණ සංවිධාන සංශෝධන පනත යටතේ මෙම විශේෂ මහාධිකරණය ස්ථාපිත කර තිබේ.

    Latest News