දෙදෙනෙක්ට මරු කැඳවමින්; මොරටුමුල්ලේ වෙඩි තැබීමක්

මාර් 14, 2019

    මොරටුමුල්ල, පිළියන්දල මාර්ගයේ අද උදෑසන 10.30ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසන්නේ.  මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු හා ඔහුගේ පුතාගේ මිතුරෙක් මිය ගොස් තිබේ. බස් රථ හිමිකරුගේ පුතා තුවාල ලබා රෝහලගත කර ඇත.

    මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බවට අනාවරණය වී ඇති. වෙඩි තැබීමට පැමිණි එක් පුද්ගලයෙක් හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුමුල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 11:36

    Latest News