සති අන්තයේ සංචාරයට අධිසුඛෝපභෝගි දුම්රිය සේවාවක්

අගෝ 17, 2022

    කතරගම, නුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් අධි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සේවයක් සති අන්තයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    එම වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ ද සහාය ගන්නා බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    එම දුම්රිය තුළ සංචාරකයන්ට අවශ්‍ය ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීමට ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවත් ඔහු කියා සිටියේය.

    Latest News