අවලංගු කළ දුම්රිය ගමන්වාර කිහිපයක් අද යළි ඇරඹේ

නොවැ 29, 2021

    පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද (29) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව, දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

    ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල - කොළඹ අතර ධාවනය කෙරෙන බව වාර්තා වෙයි.

    අද උදෑසන 5.55ට කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30ට බදුල්ල සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News