ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අගෝ 17, 2022

    අසාධු ලේඛනගතකර තිබූ පුද්ගලයින් සහ සංවිධාන එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ආයතන කිහිපයක් එක්ව සිදුකරනු ලැබූ දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුව බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

    අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතනය, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා සිදුකරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙම ඉවත්කිරීම සිදුකර ඇති බවය.

    ඒ අනුව 2021 වර්ෂයේදී පුද්ගලයින් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුලත් කර තිබු බවත් ඉහත කමිටුව හරහා සිදුකරන ලද අධ්‍යයනයෙන් අනතුරුව ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන පුද්ගලයින් 316ක් සහ සංවිධාන 06ක් අසාධු ලේඛනයෙන් ඉවත්කිරීමට පියවරත් බවත් ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    Latest News