ගාමිණි සෙනරත්ගේ ඉල්ලීම සළකා බැලීමේ තීරණයක්

ඔක් 30, 2018

    කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයකට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකවන් 4 දෙනා ඉදිරිපත් කර තිබෙන අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනවාද ? නැද්ද ? යන්න නියෝගය ලබන 02 වනදා ප්‍රකාශ කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

    සම්පත් අබේකෝන් (සභාපති) , සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කර ඇත.

    අධිකරණය නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව 2014 පෙබරවාරි සිට 2015 ජනවාරි 20 දක්වා ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ යෙදවීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණ නඩුවේ විත්තියේ නිතිඥ ගාමිණී මාරපන මහතා අද අධිකරණයට දැනුම් දි තිබිණ. පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

    මෙම නඩුවට සූදානම්වීමට අවශ්‍ය ලේඛන විත්තිය විසින් ඉල්ලීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය 23 වැනිදා ලබාදුන් තින්දුව සම්බන්ධයෙන් අතෘප්තියට පත්වීම නිසාවෙන් අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පැවසුවේය. අධිකරණ සංවිධාන සංශෝධන පනතේ දොළොස් වන වගන්තිය යටතේ මෙම අභියාචනා බාර ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තුරු මෙම නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙසත් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා මෙවැනි අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට නීතිමය හිමිකමක් නොමැති බව පෙන්වා දුනි. මේ හේතුවෙන් අදාළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් ඉදිරිපත් කළ කරුණු සලකා බලා අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනවාද නැද්ද යන්න නියෝගය නොවැම්බර් 02 ලබාදීමට නියම කලේය.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර ඇත.

     

     

     

     

     

     

     

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 12:56

    Latest News