අද කොළඹට විශේෂ ආරක්ෂාවක්

ඔක් 30, 2018

    පොලිස්පතිතුමාගේ විශේෂ උපදෙස් මත අද දින කොළඹ නගරයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

    ඒ අනූව පොලිස් නිලධාරීන් 2000කට ආසන්න සංඛ්‍යාවක්, රථවාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 600කට ආසන්න ප්‍රමාණයක්, විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් 10ක් ද රාජකාරියේ යොදවා ඇත.

    තවද, සාමය ආරක්ෂා වන ලෙසට ක්‍රියා කරන ලෙසත්, එමෙන්ම රථවාහන තදබදයක් ඇති නොවන ලෙසටත් විශේෂයෙන්ම සාමාන්‍ය මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධාවන් නොවන ආකාරයට කටයුතු කරන ලෙසටත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සියළු දෙනාට දැනුම් දෙයි.

    Latest News