ගාමිණි සෙනරත්ගේ ලිට්ට්‍රෝ නඩුවේ සක්ෂි ගැනීම අවසන්.....දේශන සඳහා දිනයක්

මැයි 15, 2019

    ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණ චෝදනා නඩුවේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීම අද කොළඹ ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයේ දී අවසන් කෙරිණ.

    සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුයේය.

    මේ අනුව නඩුවේ 4 වන විත්තිකරු ලෙස නම් කර සිටින ලසන්ත බණ්ඩාර මහතාගේ විත්තිවාචකය සටහන් කරගැනීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් විය. අනතුරුව නඩුව ලබන 23 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින නඩුවේ දේශන ආරම්භ කරන දිනය නියම කෙරේ.

    2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණ.

    එහෙත් මෙම නඩුවේ විභාගය අවසන් වීමෙන් පසුව නිල් බණ්ඩාර හපුහින්න නමැති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය ඉකුත් දා නියෝග කලේය. ඉන් අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

     

     

     

     

     

    Latest News