ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමේ චෝදනා එල්ලව සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව නඩුවේ තීන්දුව අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත් කිරිමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළා. 

ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණ චෝදනා නඩුවේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීම අද කොළඹ ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයේ දී අවසන් කෙරිණ.

මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් 7 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තුන්වන විත්තිකරු වන නීල් බණ්ඩාර හපුහින්න විත්තිවාචකය නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියම කළේය.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් එරෙහි ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල්  සාවද්‍ය ලෙස පරිහරණ පෙත්සමේ ස්ථාපිත නඩු නිමිත්තක් ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටි.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කෙරිණ.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයකට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකවන් 4 දෙනා ඉදිරිපත් කර තිබෙන අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනවාද ? නැද්ද ? යන්න නියෝගය ලබන 02 වනදා ප්‍රකාශ කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

Latest News