තවත් IOC ඉන්ධන පිරවුම්හල් 50ක්

අගෝ 08, 2022

    ලංකා අයි ඕ සී සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගම සඳහන් කරනවා.

    එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සිය නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ එම පිරවුම්හල් 50 දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි.

    ඒ අනුව නුදුරු දිනයකදීම මෙම පිරවුම්හල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

    දැනට දිවයින පුරා අයි.ඕ.සී. සමාගම සතුව ඉන්ධන පිරවුම්හල් 211 ක් පවතිනවා.

    Latest News