ජනපති රනිල් වික්‍රමසිංහට ඊජිප්තු ජනපතිගෙන් සුබ පැතුම්

අගෝ 08, 2022

    ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසු වන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi) මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට සිය හෘදයාංගම සුබපැතුම් පිරි නමා ඇති අබ්දෙල් ෆටා අල් සිසි මහතා ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටු කිරීමට වික්‍රමසිංහ මහතා ගන්නා සෑම වෑයමක්ම සාර්ථක වේවායි ද ප්‍රාර්ථනා කරයි.


    දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට සහ දෙරටේ මිත්‍රශීලී ජනතාවට වඩාත් සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා උනන්දුවෙන් පසුවන බව ද එතුමා දන්වා සිටි.

    Latest News