IOC පිරවුම්හල්වලින් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව

ජූලි 05, 2022

    ලංකා IOC පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කෙරේ.

    එහෙත්, එම ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.  අයිඕසී සමාගම පවසන්නේ, ඉන්ධන බෙදා හැරීම උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි.

    නාගරික ප්‍රදේශවල මෙන්ම, ග්‍රාමීය ප්‍රදේශවලද අයිඕසී පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබේ.

    ඇතැම් ප්‍රදේශවලට සතියකින් පමණ ඉන්ධන ලැබී නොමැත.  ඇතැම් ප්‍රදේශවල ටෝකන් ක්‍රමයට ඉන්ධන ලබාදීම සාර්ථක වුවද, අනෙකුත් ප්‍රදේශවල එය සාර්ථක වී නැති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. 

    Latest News