මල්ලවපොර ඉතිහාසය වෙනස් කළ නෙත්මි අහිංසා...(වීඩියෝ)

අගෝ 08, 2022
  • පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව අද අලුයම දිවයිනට පැමිණියා.

    ඇය නියෝජනය කළේ, කිලෝග්රෑම් 57 මල්ලවපොර ක්‍රීඩා ඉසව්වයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී නෙත්මි අහිංසා ලෝකඩ පදක්කම සඳහා තරඟ වැදුණේ, ඔස්ට්‍රේලියාවේ ඉවෙන් සිමෝනිලිස් ක්‍රීඩිකාව සමගයි. තරගය මිනිත්තුවයි, තප්පර 51 ක කාලයක් තුළදී ජය ගැනීමට නෙත්මි සමත් වුණා.

    ඇය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මෙරටට පදක්කමක් හිමි කර දුන් ලාබාලතම ක්‍රීඩිකාව වන අතර, මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රථම පදක්කම ද මෙයයි. ඇය පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, මල්ලව‍පොර සංගමයේ නියෝජිතයින් සහ ඇයගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News