පළමු කුඹල් පෙරහැර අද

අගෝ 02, 2022

    මහනුවර ඓතිහාසික ඇසල මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කෙරෙනවා.  සතර මහා දේවාල අභ්‍යන්තර පෙරහැර, ඊයේ රාත්‍රී පැවැත්වුණා.

    අද පස්වරු 6.01 ට යෙදෙන සුබ මොහොතින් කුඹල් පෙරහැර ආරම්භ වී , එය දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට විත්, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජවීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතයි.   කුඹල් පෙරහැර ලබන 6 වැනිදා දක්වා පැවැත්වෙනවා.

    ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රන්දොලි පෙරහැර පැවැත්වීමට නියමිත අතර, 11 වැනි දින දියකැපීමේ මංගල්‍යයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමා වනවා. 

    මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය ජනතාවට විවෘත වන්නේ, වසර 3 කට පමණ පසුව බැවින් ඉහළ ජන සහභාගිත්වයක් අපේක්‍ෂා කෙරෙනවා.  කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින මේ අවස්ථාවේ ජනතාව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව, කටයුතු කළයුතු බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසනවා. 

    Last modified on අඟහරුවාදා, 02 අගෝස්තු 2022 11:40

    Latest News