ඇසළ මහා පෙරහැරේ 4 වැනි දිනය අද

අගෝ 13, 2019

    මහනුවර, ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ සිව්වැනි දිනය අදයි. අද රාත්‍රී 7.38ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර දකුණු දිශානිමුඛව වීදි සංචාරය කිරීමට නියමිතයි.

    දළදා පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, ත්‍රිකුණාමල වීදිය ඔස්සේ රජය වීදියට පිවිස, දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතයි. ඊයේ වීදි සංචාරය කළ තෙවැනි රන්දෝලි පෙරහැරේ මංගල හස්තියා වෙත කරඩුව වැඩම කරවීම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සිදු කරනු ලැබීය.

    මාලිගා ඇත්පන්තියේ සිංහ රාජා සහ මියන් රාජා යන හස්තීන් දෑලේ ගමන් කළේය. දෙස් විදෙස් විශාල පිරිසක් පෙරහැර නැරඹීමට එක්ව සිටියේය.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 11:57

    Latest News