ලබන 25 වැනි සඳුදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වේ...

ජූලි 23, 2022

    ලබන 25 වැනි සඳුදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

    පාසල් පැවැත්වෙන්නේ සතියේ දින තුනක් පමණයි. නැවත දැනුම් දෙන තුරු සඳුදා, අඟහරුවාදා,බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙනවා. බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබාදෙන බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. නැතහොත් මාර්ගගත ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර පාසල් කඩිනමින් ආරම්භ කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

    Latest News