ජනපතිගේ ඉල්ලීමට ඇමති රවිගේ පිළිතුර

මාර් 12, 2019

    පසුගිය වසරේ නොවැම්බර් 30 දින වව්නතිව් පොලිස් නිළධාරින් ඝාතනයේදි දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට වෙනුවෙන්, ඔහුගේ සහෝදරයෙකුට අද ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක් පිරිනැමේ.

    අද (12) පෙරවරුවේදී, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් මෙම පත්වීම පිරිනැමිණ. මේ අවස්තාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාද සහභාගි වුයේය.

    අමාත්‍ය රවී කරුණානායක"මාස ගණනකට පෙර ඇති වූ ඝාතන සිද්ධියකදී දිවි අහිමි වූ අපේ පොලිස් නිලධාරියෙක් වන පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට දක්වන උපහාරයක් වශයෙන්, ඒ මහතාගේ නැගණියගේ ස්වාමිපුරුෂයාට අද අපි ලංකා විදුලිබල මණ්ඩල‍යේ රැකියා අවස්ථාවක් ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාත් ඉල්ලීමක් කරලා තිබුණා. මෙම විශිෂ්ඨ කාර්යය තුළින් මනුෂ්‍යභාවයක් ඇති ආණ්ඩුවක් බවට අපි නැවතත් ඔප්පු කරලා තිබෙනවා. අපිට අවශ්‍ය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු ජාතීන්ට මේක තමන්ගේ රට කියන හැගීමෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමයි" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    වව්නතිව් පොලිස් වසමේ රාජකාරියේ යෙදී සිටියදී පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් සහ පොලිස් කොස්තාපල් වල්පිටගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නොවැම්බර් 30 වැනිදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරිණි.

    කල්මුණ , පදිංචිව අලගරත්නම් ගනේෂ් මහතා පොලිස් සේවයට එක්වි වසර 6 කි. අවිවාහක පොලිස් නිලධාරියෙකු වන අතර ඔහුගේ අභාවයෙන් ඇතිවූ ආර්ථික දුෂ්කරතා සලකමින් ඔහුගේ නැගණියගේ ස්වාමිපුරුෂයා වන චන්ද්‍රසේකරම් කුමුතන් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා පිරිනැමිණ.

     

     

    Latest News