විදුලි ඉංජිනේරුවෝ හෙට ලෙඩ නිවාඩු

ජන 17, 2022

    මෙහෙයුම්වල යෙදී සිටින විදුලි ඉංජිනේරුවන් හැර සෙසු සියලුම ඉංජිනේරුවන් හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

    ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

    රටේ පවතින විදුලි බල අර්බුදය සහ හෙට පැවැත්වෙන විදුලි ඉංජිනේරුවරුන්ගේ විරෝධතාවය පිළිබඳව දැනුවත් කිරීම මාධ්‍ය හමුවේ අරමුණයි.

    ඔවුන් ගේ ඉල්ලීම්වලට කන් නොදුන්නොත් අනිද්දා සිට අකුරට වැඩ අරඹන බවද එම සංගමය ප්‍රකාශ කරයි.

    Latest News