ගාලු මුවදොර අරගලය භූමිය ආරක්ෂක අංශ විසින් ඉවත් කරයි (වීඩියෝ)

ජූලි 22, 2022
  • අද (22) අළුයම 12.30 ට පමණ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමිය ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාකර තිබෙනවා.



    ගාලුමුවදොර අරගල භූමියට ඇතුළු වන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කරමින් මෙලෙස අරගල භූමියට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාවයි.

    මෙලෙස අරගල භූමියට පිවිසි ආරක්ෂක අංශ විසින් මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලය සහ මාර්ග බාධකය ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙහිදී මාධ්‍යවේදීන් තිදෙනක් සහ නීතිඥයන් පිරිසක් පහර දීමක ලක් ව ඇති බව ද වාර්තා වනවා.

    මෙහිදී පුද්ගලයින් 9 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 2 දෙනෙකුට සුලු තුවාල සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

    මේ වන විට ගාලුමුවදොර අරගල භූමියට පිවිසෙන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා.

    ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොර දී අරගළකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් නීතීඥවරුන් කිහිප දෙනෙකු තමන් ව දැණුම්වත් කළ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

    ආරක්ෂක අංශ මෙම සියලු දෙනාගේ ම ආරක්ෂාව තහවුරු කළ යුතු අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිටින ස්ථානය ද දැන්විය යුතු බවයි සාලිය පීරිස් මහතා සඳහන් කරන්නේ.

    Last modified on සිකුරාදා, 22 ජූලි 2022 10:31

    Latest News