ගාලු මුවදොර අරගලකරුවන් අතර ගැටුමක්...4ක් රෝහලේ

ජූලි 13, 2022

    ගාලුමුවදොර අරගල භූමියේදී දෙපාර්ශ්වයක් අතර අද අලුයම ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් සියලු දෙනාට මන්න ප්‍රහාරයකින් සිදුවූ කැපුම් තුවාල ඇතිවී තිබූ බවයි, රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

    ඔවුන් වයස අවුරුදු 15, 17,18 සහ 20 වැනි වියේ පසු වූ කොළඹ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. තරුණයින් තිදෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    පසුගිය 9 වැනිදා ඇති වූ අරගලකාරී සිදුවීමෙන් පසු කොළඹ - කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගේ ග්‍රහණයට නතු කර ගත්තා.

    මේ වන විට එම ස්ථාන ජනතාවගේ නැරඹුම් ස්ථාන බවට පත් කර ගෙන තිබෙනවා. එම ස්ථාන නැරඹීම සඳහා මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් තිබෙනවා. අරගලකරුවන්ගේ ඉල්ලීම් දිනනතුරු ඔවුන් අරගලය අත්නොහරින බවයි, පවසන්නේ.   

    Last modified on බදාදා, 13 ජූලි 2022 11:28

    Latest News