ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට තවත් ආයතන 3ක්

ජූලි 08, 2022

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට තවත් ආයතන තුනක් එක් කර තිබෙනවා.

    ඒ පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා.

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ විෂය පථයට එක් කර ඇති නව ආයතන වන්නේ, රක්නා ආරක්ෂක ලංකා සමාගම, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ හොටෙල් ඩිවලපර්ස් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනයි. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ, ධම්මික පෙරේරා මහතායි.

    Latest News