ධම්මික පෙරේරා දිවුරුම් දීම කල්දමයි

ජූනි 20, 2022

    සිය පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක් දෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමක් නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙයි.

    ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමේ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ප්‍රියන්ත ජයවර්ධන යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුනා.

    පෙත්සම් සලකා බැලීම අවසානයේදී ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.

    Latest News